ඡායාරූප ගැලරිය - ඵලදායීතාව පිළිබද විශිෂ්ඨ අත්දැකීම් හුවමාරු කරගැනීම වැඩ සටහන
ඵලදායීතාව පිළිබද විශිෂ්ඨ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩ සටහන
දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ අදහසකට අනුව ප්රාදේශීය ලේකම් අයි.ආර්.කේ.විතාරණ මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කෙරුණු හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යක්ෂම හා ඵලදායිතාවයෙන් යුක්ත යහපත් රාජ්ය සේවාවක් සැපයීම සදහා අත් දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩ සටහන (2022.11.17) දින වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර පවත්වන ලද ජාතික ඵලදායීතා තරගාවලියේදී රාජ්ය අංශයේ ප්රාදේශීය ලේකම් කාර්යාල අතර තරගයේදී මුළු දිවයිනෙන්ම දෙවන ස්ථානය හිමි කර ගැනීමට වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට හැකිවිය. එම ලද අත්දැකීම් හුවමාරු කරගෙන එම ඵලදායීතා සංකල්ප අනෙකුත් කාර්යාල වෙත බෙදා ගැනීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා දිස්ත්රික්කයේ සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්රාදේශීය ලේකම්,ගණකාධිකාරීවරු,නියෝජ්ය ක්රම සම්පාදන අධ්යක්ෂවරු එක්විය.ඔවුන් සියළු දෙනා පළමුව කාර්යාලයේ එක් එක් අංශ වෙත ගොස් නිරීක්ෂණය කෙරිණි.අනතුරුව මේ සදහා නායකත්වය ලබා දුන් ප්රාදේශීය ලේකම්තුමා සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන්ගේ අත් දැකීම් හුවමාරු කර ගැනීමට එක්විය.එම නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු නැවත නිරීක්ෂනය කරමින් ඵලදායීතාව සදහාවූ වැඩ සටහනේදී තම කාර්යාල තුළ ක්රියාත්මක කිරීමට වූ වැඩසටහන අත් දැකීම් ලබා ගැණින.
මෙහිදී ප්රාදේශීය ලේකම් අයි.ආර්.කේ.විතාරණ මහතා,සහකාර ප්රාදේශීය ලේකම් සුසන්ති ජයසිංහ මෙනවිය ඇතුළු නිලධාරීන් පිරිසක් තම දැකීම් විස්තර කෙරිණි.















